ඊශ්‍රායල ප්‍රහාරයකින් IRGC මාධ්‍ය ප්‍රකාශක මරුට
සයුරෙන් එතෙර

ඊශ්‍රායල ප්‍රහාරයකින් IRGC මාධ්‍ය ප්‍රකාශක මරුට

March 20, 2026   04:03 pm

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක ජෙනරාල් අලි මොහොමඩ් නයිනි ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ ඊයේ රාත්‍රියේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මොහු මියගිය බවයි.

මීට පෙර ඉරාන රාජ්‍ය මාධ්‍ය ද වාර්තා කර තිබුණේ අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් තම ප්‍රකාශකයා මියගිය බවයි.

ඉරාන හමුදාවේ ඉහළ පෙළේ නිලධාරියෙකු මෙලෙස ඉලක්ක කර ඝාතනය කිරීම දෙරට අතර පවතින යුද්ධය තවදුරටත් දරුණු වීමට හේතුවක් වීමට ඉඩ ඇති බව විදෙස් වාර්තා පවසයි.