ඉන්දීය විදේශ ඇමති යුරෝපා කොමිසමේ සභාපති හමුවෙයි
සයුරෙන් එතෙර

ඉන්දීය විදේශ ඇමති යුරෝපා කොමිසමේ සභාපති හමුවෙයි

March 17, 2026   05:26 pm

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ යුරෝපා කොමිසමේ සභාපතිනිය අතර හමුවක් සිදුවී තිබේ.

එහිදී ඉන්දියා-යුරෝපා සංගම් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම, මැදපෙරදිග සහ යුක්‍රේනයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඇත.

දෙපාර්ශ්වයම මෙම වෙළෙඳ ගිවිසුම කඩිනමින් අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මෙහි අරමුණ වන්නේ ඉන්දියාව සහ යුරෝපය අතර වෙළෙඳ බාධක ඉවත් කර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමය.

යුද ගැටුම් හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට සහ බලශක්ති ක්ෂේත්‍රයට එල්ලවී ඇති බලපෑම් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවී තිබේ.