ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයින් 10ක් මරුට
සයුරෙන් එතෙර

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් පුද්ගලයින් 10ක් මරුට

March 16, 2026   02:22 pm

ඉන්දියාවේ, ඔඩිෂා ප්‍රාන්තයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ හටගත් ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු මියගොස් තිබේ.

ගින්නෙන් රෝහලේ කාර්යය මණ්ඩලය ඇතුළු පුද්ගලයින් 11දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගින්න මේ වන විට පාලනය කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් එරට බලධාරීන් සැකපළ කරන්නේ විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවය.