නවසීලන්තයේ ගුවන්තොටුපොළක් අසලින් අධි අවදානම් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි
සයුරෙන් එතෙර

නවසීලන්තයේ ගුවන්තොටුපොළක් අසලින් අධි අවදානම් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

March 12, 2026   11:47 am

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ගුවන් තොටුපොළ අසල තදාසන්න ප්‍රදේශයකින් අධි අවදානම් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවීමත් සමඟ එම ප්‍රදේශයේ ජනතාව වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ පුපුරණ ද්‍රව්‍යය ආරක්ෂිතව ඉවත් කරන තෙක් පොලිස් ආරක්ෂාව තර කර ඇති බවත්, ප්‍රදේශය ආරක්ෂිත බව තහවුරු වූ පසු මාර්ග බාධක ඉවත් කරන බවත් ආරක්ෂක අංශ දැනුම් දී ඇති බව විදෙස් වාර්තා පවසයි.