මෙවර FIFA ලෝක කුසලානයට සහභාගී නොවන බව ඉරානය කියයි
March 12, 2026 08:02 am
මේ වසරේ පැවැත්වීමට නියමිත FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායම සහභාගී නොවන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
ඉරානයේ ක්‍රීඩා අමාත්‍ය අහමඩ් ඩොන්යමාලී ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකාව විසින් සිය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරිම හේතුවෙන් සිය පාපන්දු කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා සහභාගී නොකරන බවය.
අමෙරිකාව කැනඩාව සහ මෙක්සිකෝව සම සත්කාරකත්වයෙන් ලබන ජුනි මාසයේ දී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වීමට නියමිතය.
පසුගිය වසරේ දී 2026 FIFA ලෝක කුසලානය සඳහා වූ තරගාවලි සැලැස්ම එළිදැක්වු අවස්ථාවේ දී ජාත්‍යන්තර පාපපන්දු සම්මේලනය විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ට 'FIFA සාම ත්‍යාගය' ප්‍රධානය කළේය.
ඔහු එලෙස සම්මානයට පාත්‍ර වුයේ, 'සාමය සඳහා සුවිශේෂී හා අසාමාන්‍ය ක්‍රියාමාර්ග ගත්' සහ 'ලොව පුරා ජනතාව එක්සත් කළ' පුද්ගලයෙකු වීම නිසාවෙනි.
