සයුරෙන් එතෙර

සාකච්ඡා හැර වෙන විසඳුමක් නෑ - ඉන්දියාව කියයි

March 11, 2026   02:26 pm

ගැටුම් විසඳිය යුත්තේ හමුදාමය ක්‍රියාමාර්ග හරහා නොව සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට එරෙහිව ගෙන තිබෙන යුදමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ බව පවසා තිබේ.

යුද්ධය පවතින පසුබිමක, ලෝක සාමය වෙනුවෙන් ඉන්දියාවේ ඇති කැපවීම අවධාරණය කරන බවද මෝදි පවසා ඇත.

මේ අතර මැදපෙරදිග මතුවී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ඉතාලි විදේශ අමාත්‍යවරයා සමග දුරකථන සාකච්ඡාවක නිරතවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම අර්බුදය සමනය කර සාමකාමී විසඳුමකට එළඹිය යුතු බවත් ඉවසීමෙන් කටයුතු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත.