සයුරෙන් එතෙර
පාකිස්තානයේ දුප්පතුන් ගැන වාර්තාවක්
March 5, 2026 12:59 pm
පාකිස්තානයේ 2024-25 වසර සඳහා දිළිඳුකම සහ අසමානතා පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව පසුගිය වසර 6 තුළ පාකිස්තානයේ අසමානතාවය සහ දිළිඳුකම යන දෙකම ඉහළ ගොස් ඇති බව එම වාර්තාව පැහැදිලිව පෙන්වා දෙයි.
මෙය පාකිස්තාන සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් සිදු කරන ලද 2018-19 සහ 2024-25 වර්ෂවල ඒකාබද්ධ ගෘහ ආර්ථික සමීක්ෂණ දත්තවලට අනුව, ගෘහ ඒකකවල ආදායම් මට්ටම් සහ ඒවා බෙදීයාමේ රටාව සැසඳීම මත පදනම්ව සකස් කර ඇති බවත් සඳහන් ය.
එහි දත්ත අනුව ජාතික දිළිඳුභාවය 2018-19 වසරේ පැවති 21.9% සිට 2024-25 වන විට 28.9% දක්වා ඉහළ ගොස් ඇත.
ග්‍රාමීය දිළිඳුකම 28.2% සිට 36.3% දක්වා ඉහළ ගොස් තිබෙන අතර නාගරික දිළිඳුකම 11% සිට 17.4% දක්වා ඉහළ ගොස් තිබේ.
බලොචිස්තානය පාකිස්තානයේ දුප්පත්ම ප්‍රාන්තය ලෙස වාර්තා වන අතර එහි දිළිඳුකම 47% දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්ය.
