පාකිස්තානයේ හිටපු නායක සර්ෆ්රාස් අහමඩ්ට අලුත් වගකීමක්

පාකිස්තානයේ හිටපු නායක සර්ෆ්රාස් අහමඩ්ට අලුත් වගකීමක්

March 5, 2026   10:22 am

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නායක සර්ෆ්රාස් අහමඩ් පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඉදිරි මාස 5ක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

ඒ අනුව එළඹෙන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම සූදානම් කිරීම සර්ෆ්රාස්ගේ පළමු අභියෝගය වනු ඇති බව සඳහන්ය. 

38 හැවිරිදි වියේ පසුවන සර්ෆ්රාස් අහමඩ් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 54ක්, එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 117ක් සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග 61ක් ක්‍රීඩා කර තිබේ.