සයුරෙන් එතෙර
මෝදි මැදපෙරදිග නායකයින් සමග සාකච්ඡාවල
March 3, 2026 05:53 pm
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සහ බහරේනයේ හමාඩ් බින් ඉසා අල් කලීෆා සමග ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දුරකථන සංවාදයක නිරතවී තිබේ.
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඉරානය ඉලක්ක කරමින් එල්ලකළ ප්‍රහාරවලින් පසුව මැදපෙරදිග ගැටුම අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින පසුබිමක මෙම දුරකථන සංවාදය සිදුකර තිබීම විශේෂත්වයකි.
මෙම සාකච්ඡා අතරතුර, සෞදි අරාබිය සහ බහරේනය වෙත එල්ල වූ මෑත කාලීන ප්‍රහාර ඉන්දීය අගමැති දැඩි ලෙස හෙළාදැක තිබේ.
මෙම රටවල වෙසෙන විශාල ඉන්දියානු ප්‍රජාවේ ආරක්ෂාව සහ යහපැවැත්ම පිළිබඳවද අවධානය යොමුවී ඇත.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ ද දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර, එහිදී සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කලාපයේ සියලු සතුරුකම් ඉක්මනින් නතර කරන ලෙස ඉන්දියාවේ ඉල්ලීම නැවත අවධාරණය කර ඇත.
