ද. අප්‍රිකාවෙන් ඉන්දියාවට ලකුණු 188ක ඉලක්කයක්

ද. අප්‍රිකාවෙන් ඉන්දියාවට ලකුණු 188ක ඉලක්කයක්

February 22, 2026   08:57 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (22) රාත්‍රියේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 187ක් රැස්කිරීමට සමත් විය.

දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 20ක් තුළ බිඳවැටුණද, ඩේවිඩ් මිලර් 63(35), ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී 44 (24) හා ඩිවෝල්ඩ් බ්‍රෙවිස් (45) විශිෂ්ට පිතිහරඹයක නිරත වූහ.

ඉන්දියාව වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රාහ් ලකුණු15කට කඩුලු 3ක් දවාගත්තේය.

තරගය අහ්මදාබාද්හිදි පැවැත්වේ.