කාසියේ වාසිය ශ්‍රී ලංකාවට 

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට 

February 22, 2026   02:35 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර අද (22) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

සුපිරි 8 වටයේ දෙවන තරගය ලෙස මෙය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, තරගය ප.ව. 3ට ආරම්භ වේ. 

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇත.

ඒ අනුව සිම්බාබ්වේට එරෙහි තරගයට ක්‍රීඩා නොකළ දුෂ්මන්ත චමීර හා කමිල් මිෂාර කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් කුසල් ජනිත් හා ප්‍රමෝද් මධුශාන්ට සිය ස්ථාන අහිමි වී තිබේ.