ජගත් සංවිධානයේ මහලේකම් සහ මෝදි හමුවෙයි
සයුරෙන් එතෙර

ජගත් සංවිධානයේ මහලේකම් සහ මෝදි හමුවෙයි

February 21, 2026   09:34 am

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුවී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ නවදිල්ලියේ පැවැති AI Impact 2026 සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවූ බවය.

ඊට සහභාගී වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා නවදිල්ලියට පැමිණ තිබූ අතර එහිදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා වටයකට සගභාගී ඇත.

මෙම හමුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, වඩා හොඳ ලෝකයක් සඳහා AI උපයෝගී කරගැනීම අරමුණු කරගත් ඕනෑම උත්සාහයකට ඉන්දියාවේ සහයෝගය අවධාරණය කරන බවය.