සයුරෙන් එතෙර
ඉන්දු - ප්‍රංශ ප්‍රහාරක ජෙට් ගනුදෙනුව ගැන මැක්රොන් කතා කරයි
February 20, 2026 05:23 pm
ප්‍රහාරක ජෙට් යානා 114ක් මිලදී ගැනීමට සහ සම-නිෂ්පාදනය කිරීමට ඉන්දියාව ගෙන ඇති යෝජිත පියවර සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් අදහස් පළ කර තිබේ.
ඔහු සිය ඉන්දීය සංචාරය අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ. මෙම Rafale ගනුදෙනුව ඉන්දියාව ශක්තිමත් කරනු ඇති බවය.
මෙම මහා පරිමාණ සැලැස්ම පැරිස් සහ නවදිල්ලිය අතර උපායමාර්ගික සම්බන්ධීකරණය තවදුරටත් පුළුල් කරන අතර දෙරටේම රැකියා උත්පාදනය කරන බවද ප්‍රංශ නායකයා පවසා තිබේ.
මෙම ගනුදෙනුව "මේක් ඉන් ඉන්ඩියා" වැඩසටහනේ මූලික අංගයක් වනු ඇති බවත් එමානුවෙල් මැක්රොන් පවසා ඇත.
