පාකිස්තානයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 13කට දිවි අහිමි වෙයි
සයුරෙන් එතෙර

පාකිස්තානයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 13කට දිවි අහිමි වෙයි

February 20, 2026   01:28 pm

පාකිස්තානයේ, කරච්චි නගරයේ ඊයේ (19) ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයින් අතර අවුරුදු 02ක කුඩා ළමයෙකු ඇතුළුව ළමුන් 07දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මහල් නිවාස සංකීර්ණයක පළමු මහළේ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි.

ගොඩනැගිල්ලේ සිරවී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් තවදුරටත් සිදුකෙරෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.