සජීවි විකාශය අතරතුර දී චීන ලඳකට වු අකරතැබ්බය
සයුරෙන් එතෙර

සජීවි විකාශය අතරතුර දී චීන ලඳකට වු අකරතැබ්බය

February 19, 2026   01:35 pm

Beauty Filter එක නිවැරදිව ක්‍රියාත්මක නොවීම හේතුවේ චීනයේ සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිණියකට අනුගාමිකයින් 140,000 ක් අහිමව ගොස් තිබේ.

ඇයගේ සජීවි විකාශය අතරතුර කෙටි වෙලාවක දී Beauty Filter එක ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඇයගේ සැබෑ ස්වරූපය මෙලෙස නිරාවරණය වී ඇත.

එම අවස්ථවේ හසුකරගත් රූප රාමු ඉතා ක්ෂණිකව සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ.

ඒ අනුව ඇයට ඇතැමුන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි චෝදනා එල්ල කර ඇති බව සඳහන් වේ.

Beauty Filter භාවිතා කිරීම වර්ථමානයේ සාමාන්‍ය දෙයකි. 

බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සම පැහැපත් කරන, ඇස් විශාල කරන සහ මුහුණේ රේඛා සකස් කරන මෙවලම් භාවිතයට ගනී.

ඒ අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සැබෑ පෙනුමට වඩා වෙනස් මුහුණක් සෑම විටම ඉදිරිපත් කිරීමට පෙළඹී සිටියි.