සයුරෙන් එතෙර
අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක YouTube බිඳවැටීමක්
February 18, 2026 08:27 am
Update 8:35 am - අමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් කිහිපයක ඇතිවූ YouTube සම්බන්ධ සේවාවන්ගේ තාවකාලික බිඳවැටීම යථා තත්ත්වයට පත් කර තිබේ.
------------------------------------
අමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් කිහිපයක YouTube සම්බන්ධ සේවාවන්ගේ තාවකාලික බිඳවැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ හේතුවෙන් එක්සත් ජනපදයේ YouTube පරිශීලකයින් 320,000කට අධික පිරිසකට බලපෑම් කර ඇති බව වාර්තා වෙයි.
සේවා බිඳවැටීම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන Downdetector සඳහන් කළේ, YouTube සම්බන්ධයෙන් ගැටලු වාර්තා 321,958ක් ලැබී ඇති බවය.
එමෙන්ම, YouTube TV සේවාව සම්බන්ධයෙන් 8,923ක් ද, Google සම්බන්ධයෙන් 2,694ක් ද ගැටලු වාර්තා වී තිබුණි.
