මෝදිගේ ඊශ්‍රායල සංචාරය ගැන තොරතුරු
සයුරෙන් එතෙර

මෝදිගේ ඊශ්‍රායල සංචාරය ගැන තොරතුරු

February 17, 2026   04:24 pm

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සතියේ ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ.

දෙරට අතර සැලසුම් කර ඇති අති විශාල සන්ධානයක් ගැන සඳහන් කරමින් ඔහු මේ බව පවසා ඇත.

2017දී ඊශ්‍රායලයට ගිය පළමු ඉන්දීය අගමැති බවට පත්වීමෙන් පසු අගමැති මෝදිගේ එරට දෙවන සංචාරය මෙය වෙයි.

ඉන්දියාව විශාල රටක් බවත් ඉන්දියාව සමග සියලු ආකාරයේ සහයෝගීතාවන් වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා සිදුකිරීමට නියමිත බවත් බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ.

ඒ අනුව අගමැති මෝදිගේ ඊශ්‍රායල සංචාරය පෙබරවාරි 19 වනදා සිදුවෙනු ඇති බවද පැවසෙයි.