සයුරෙන් එතෙර
බංග්ලාදේශ නව රජයට ඉන්දියාවෙන් සුබ පැතුම්
February 13, 2026 03:19 pm
බංග්ලාදේශයේ පැවැති මහ මැතිවරණයෙන් බංග්ලාදේශ ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානය පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබේ.
ඒ අනුව එම පක්ෂයේ නායක ටාරික් රහ්මාන් එරට මීළඟ අගමැතිවරයා බවට පත් වෙනු ඇති.
මේ අතර රහ්මාන්ගේ ජයග්රහණහ වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රහ්මාන්ට සිය සුබ පැතුම් පිරිනමා තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍ය මෝදි පවසා ඇත්තේ බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මැතිවරණයේදී BNP පක්ෂය තීරණාත්මක ජයග්‍රහණයක් කරා මෙහෙයවීම සම්බන්ධයෙන් තාරික් රහ්මාන්ට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන බවය.
මෙම ජයග්‍රහණය බංග්ලාදේශ ජනතාව සතුව ඔහුගේ නායකත්වය කෙරෙහි ඇති විශ්වාසය පෙන්නුම් කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.
එමෙන්ම මෝදි පෙන්වාදී ඇත්තේ ඉන්දියාව ප්රජාතන්ත්රවාදී, ප්‍රගතිශීලීභාවය ඇතුළත් බංග්ලාදේශයකට සහාය දැක්වීම සඳහා අඛණ්ඩව සිටින බවය.
දෙරටේ බහුවිධ සබඳතා ශක්තිමත් කිරීමට සහ පොදු සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාමට රහ්මාන් සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍ය මෝදි පවසා තිබේ.
