සයුරෙන් එතෙර
විරැකියාව නිසා පාකිස්තානුවන් අර්බුදයක
February 12, 2026 08:05 am
පාකිස්තානය තුළ මෑතකාලීනව විරැකියාව වාර්තාගත ලෙසින් ඉහළ යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
එම වාර්තාවල දැක්වෙන්නේ මිලියන සංඛ්‍යාත පාකිස්තානුවන්ට ආරක්ෂිත ජීවනෝපායන් නොමැති බවය.
2025 ශ්‍රමබලකා සමීක්ෂණයට අනුව එරට විරැකියාව සියයට 7.1 දක්වා ඉහළ ගොස් ඇති අතර එය වසර 21 කට පසු ඉහළම මට්ටම වෙයි.
රැකියාවක් සොයාගැනීමට නොහැකි පුද්ගලයින්, වියදම් ඉහළ හමුවේ අවශ්‍යතා හා වුවමනා සීමා කරමින් සිටින පවුල් සහ බලාපොරොත්තු රහිත තාරුණ්‍යය එම සංඛ්‍යාලේඛන සඳහා ඇතුළත්වී තිබේ.
රැකියා සොයන සාමාන්‍ය පුරවැසියන්ගේ ආයාචනාවලින් සමාජ මාධ්‍ය වේදිකා පිරී ඉතිරී යන බවද එම වාර්තා අනාවරණය කරයි.
සෑම වසරකම පාකිස්තානයේ තරුණයින් මිලියන තුනක් පමණ ශ්‍රම වෙළඳපොළට ඇතුළු වන බවද පැවසෙයි.
