ඔස්ට්‍රේලියාවට ලකුණු 67ක ජයක්
February 11, 2026 06:49 pm
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර අද (11) පැවති තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 182ක් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 115ක් පමණි.
ඒ අනුව ඔස්ට්‍රේලියාව ලකුණු 67ක ජයක් හිමිවිය.
