එංගලන්ත - බ.ඉ. කොදෙව් සටනේ කාසියේ වාසිය එංගලන්තයට
February 11, 2026 06:44 pm
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බ.ඉ. කොදෙව් හා එංගලන්තය අතර අද (11) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත් විය.
ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
'C'කාණ්ඩයේ තරගයක් ලෙස මෙය මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
දෙරට අතර අද පැවැත්වෙන්නේ 40වන විස්සයි20 ජාත්‍යන්තර තරගය වේ.
ඉන් මීට පෙර පැවති තරග 19ක් එංගලන්තය ජයගෙන ඇති අතර, කොදෙව්වන් තරග 18ක් ජයගෙන ඇත.
එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
