සයුරෙන් එතෙර
ඉන්දු - බ්‍රිතාන්‍ය සමාජ ආරක්ෂණ ගිවිසුමක්
February 11, 2026 11:19 am
ඉන්දියාව සහ එක්සත් රාජධානිය ප්‍රධාන සමාජ ආරක්ෂණ ගිවිසුමකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පියවර මගින් බ්‍රිතාන්‍යයේ සේවය කරන ඉන්දියානු වෘත්තිකයන් 75,000 කට ආසන්න සංඛ්‍යාවකට ප්රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ගිවිසුම මගින් වසර තුනක් දක්වා සේවයේ යොදවා ඇති සේවකයින්ට දෙරටේම සමාජ ආරක්ෂණය ගෙවීමෙන් වැළකී සිටීමට, සේවකයින් සහ සමාගම් මත මූල්‍ය පීඩනය ලිහිල් කිරීමට සහ දෙරට අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට ඉඩ සැලසෙන බව පැවසෙයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන පරිදි, විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් විසින් නවදිල්ලියේදී ගිවිසුම අත්සන් කර තිබේ.
මෙම ගිවිසුම එක්සත් රාජධානියේ ක්‍රියාත්මක වන ඉන්දියානු සමාගම්වලට සහ ප්‍රධාන තොරතුරු තාක්ෂණ සමාගම්වලට සැලකිය යුතු සහනයක් ගෙන එනු ඇතැයි ද අපේක්ෂා කරයි.
