නේපාලයේ දස්කම් දැක ඩේල් ස්ටේන් සතුටින් තැබූ සටහන

නේපාලයේ දස්කම් දැක ඩේල් ස්ටේන් සතුටින් තැබූ සටහන

February 8, 2026   08:25 pm

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'C' කාණ්ඩය යටතේ අද (8) නේපාලය හා එංගලන්තය අතර පැවති තරගය ක්‍රිකට් ලෝකයේම අවධානය දිනූ තරගයක් විය.

මෙම තරගය එංගලන්තය ජයගත්තද, බොහෝ දෙනෙකුගේ කතාකළේ නේපාලය ගැනය.

මෙම තරගයේ එංගලන්තය ලබාදුන් ලකුණු 185ක ඉලක්කයක ආසන්නයටම ගිය නේපාලය, තරගය පරාජය වූයේ පන්දුවාර 20 තුළදී කඩුලු 6කට ලකුණු 180ක් රැස්කරමිනි.

මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය එංගලන්තය හා නේපාලය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඕනෑම ආකෘතියක් යටතේ හමුවූ පළමු අවස්ථාවද වීම විශේෂත්වයක් විය.

ඒ අනුව එම තරගයෙන් පසු දකුණු අප්‍රිකානු හිටපු වේගපන්දු යවන්නෙකු වූ ඩේල් ස්ටෙන්ද සිය 'X' ගිණුමේ සුවිශේෂී සටහනක් තබා තිබුණි.

එහි එහි සඳහන් කර තිබුණේ, 

නේපාලය,

"ඔබට කවදා හෝ මගේ සේවය අවශ්‍ය වුවහොත්, ඒ සේවය මම ඔබට ලබාදෙන්න සූනානම්" යනුවෙනි.