සයුරෙන් එතෙර
පාකිස්තානයේ සිටින අමෙරිකානුවන්ට උපදෙස්
February 7, 2026 11:41 am
පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි දේවස්ථානයක් අසල සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පසු පාකිස්තානයේ අමෙරිකානු තානාපති කාර්යාලය එරට වෙසෙන අමෙරිකානුවන් සඳහා ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 169දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් 31 දෙනෙකු මියගොස් ඇති බවත්ය.
ඒ අනුව අමෙරිකාව පාකිස්තානයේ වෙසෙන අමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ විශාල වශයෙන් සිදු කෙරෙන මහජන ඒකරාශී වීම් වළක්වා ගන්නා ලෙසය.
එමෙන්ම පුද්ගලික ආරක්ෂාව සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් ද තානාපති කාර්යාලය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
