සයුරෙන් එතෙර
ඉන්දියාව ජගත් සංවිධානයේ ගෙවීම් සම්පූර්ණ කරයි
February 6, 2026 03:09 pm
ඉන්දියාව 2026 සඳහා එක්සත් ජාතීන්ගේ නිත්‍ය අයවැයට අමෙරිකානු ඩොලර් මිලියන 35.18 ක් ගෙවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඔවුන්ගේ නිත්‍ය අයවැය ගෙවීම් සම්පූර්ණයෙන් ගෙවා ඇති සාමාජික රටවල් 47ක "ගෞරව නාම ලේඛනයට" එක් වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඔවුන්ගේ නිත්‍ය අයවැය ගෙවීම් සම්පූර්ණ කර ගෞරව නාම ලේඛනයට එක්වීම සඳහා රටවල් අදාළ කාලසීමාව වෙනුවෙන් දින 30ක් ඇතුළත අදාළ මුදල ගෙවිය යුතු වෙයි.
