ඉන්දු - කැනේඩියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
සයුරෙන් එතෙර

ඉන්දු - කැනේඩියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

February 5, 2026   09:31 am

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ කැනේඩියානු විදේශ අමාත්‍ය අනිතා ආනන්ද් අතර ද්විපාර්ශ්වික හමුවක් සිදුවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ වොෂින්ටනයේ පැවති තීරණාත්මක ඛනිජ පිළිබඳ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකදී ඉන්දු - කැනේඩියානු විදේශ අමාත්‍යවරුන් එලෙස හමුවී ඇති බවය.

මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ එම හමුව අතරතුර දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවූ බවය.

මේ අතර එම සමුළුවට සමගාමීව ඉන්දීය විදේශ අමාත්‍යවරයා පේරු විදේශ අමාත්‍යවරයා ඇතුළු තවත් විදේශ අමාත්‍යවරුන් පිරිසක් ද මුණගැසී තිබුණි.