ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය ගැන අනාවරණයක්
සයුරෙන් එතෙර

ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය ගැන අනාවරණයක්

January 28, 2026   01:29 pm

සිරගත කර සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය පිළිබඳව බරපතළ කනස්සල්ල පළ කරමින් පාකිස්තානයේ PTI පක්ෂය තොරතුරු අනාවරණය කර තිබේ.

ඒ අනුව එම පක්ෂය පවසන්නේ ඔහු බරපතළ අක්ෂි රෝගයකින් පෙළෙන බවය.

ඒ සඳහා කඩිනමින් ප්‍රතිකාර නොකළහොත් සදාකාලිකවම සිය නායකයාගේ ඇස් පෙනීම අහිමි විය හැකි බවද පෙන්වාදී තිබේ.

PTI පක්ෂය සඳහන් කරන්නේ ඉම්රාන් ඛාන්ට ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ නීතිඥයින් හමුවීමට අවස්ථාවක් ලබාදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු කැමති රෝහලකට මාරු කරන ලෙසය.