සයුරෙන් එතෙර

ඉන්දියාවේ ආර්ථික වර්ධනය ගැන පුරෝකථනයක්

January 15, 2026   05:37 pm

ගෝලීය වෙළෙඳ හා භූ දේශපාලනික අවිනිශ්චිතතාවයන් පැවතුනද, ඉන්දියාවේ ආර්ථිකය වත්මන් මූල්‍ය වර්ෂය තුළ ශක්තිමත් ගම්‍යතාවයක් පවත්වා ගනු ඇතැයි පැවසෙයි.

භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම, ශක්තිමත් සේවා ක්‍රියාකාරකම් සහ හිතකර උද්ධමන ප්‍රවණතා මගින් සහාය වන පරිදි, 'deloitte' විසින් ඉන්දියාවේ 2026 මූල්‍ය වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතය 7.5ක 7.8% ක වර්ධනයක් පුරෝකථනය කර තිබේ.

බදු නිදහස් කිරීම්, ප්‍රතිපත්ති අනුපාත කප්පාදු, තිරසාර වර්ධනයකට පක්ෂපාතී මූල්‍ය, මුදල් සහ කම්කරු ප්‍රතිසංස්කරණ ආර්ථිකය පුරා තත්ත්වයන් ස්ථාවර කිරීමට උපකාරී වී ඇති බව පැවසීය.

අපනයන විවිධාංගීකරණය ශක්තිමත් කර ඇති අතර, ආයෝජක විශ්වාසය වැඩිදියුණු කර ඇති බවත් විදේශ ප්‍රාග්ධන ගලා ඒමට සහාය වී ඇති බවත් අදාළ වාර්තා පෙන්වා දෙයි.