සයුරෙන් එතෙර
ලෝකයට ඇති ලොකුම තර්ජනය මෝදි මතක් කරයි
January 13, 2026 05:51 pm
ත්‍රස්තවාදය මනුෂ්‍යත්වයට ඇති අවසාන හා බරපතළම තර්ජනය බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
ඉන්දියාවේ සංචාරයක නිරත ජර්මානු චාන්සලර් ෆ්රෙඩ්රික් මර්ස් සමග ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ දෙරටම එය ඒකමතිකව ප්‍රකාශ කරන බවය.
එමෙන්ම ඉන්දියාව සහ ජර්මනිය එකට එකතු වී ත්රස්තවාදයට එරෙහිව සටන් කරන බවද ජර්මානු චාන්සලර්වරයා පෙන්වා දී ඇත.
මාධ්‍ය හමුව අතරතුර, අගමැති මෝදි තවදුරටත් පවසා ඇත්තේ ඉන්දියාව සහ ජර්මනිය යුක්රේනයේ සහ ගාසා තීරයේ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළ අතර ගැටුම්වලට සාමකාමී විසඳුම් සඳහා සහයෝගය නැවත අවධාරණය කළ බවය.
ඉන්දු - ජර්මානු සාකච්ඡාවලදී ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳව වැඩි අවධානයක් යොමුකරමින් සාකච්ඡා පවත්වා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
වෙළඳාම සඳහා නව මංපෙත් විවර කරන බවද ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී අගමැති මෝදි සඳහන් කර තිබේ.
