ෆෙඩරල් රිසර්ව් ප්‍රධානී ජෙරෝම් පවෙල්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක්
සයුරෙන් එතෙර

ෆෙඩරල් රිසර්ව් ප්‍රධානී ජෙරෝම් පවෙල්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක්

January 12, 2026   03:51 pm

ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුවේ ප්‍රධානී ජෙරෝම් පවෙල්ට එරෙහිව ෆෙඩරල් අධිකරණ බලධාරීන් විසින් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු ඉරිදා දින ප්‍රකාශ කළේය.

මෙම පරීක්ෂණය ගැන දැනුම් දෙන වීඩියෝවක් හරහා පවෙල් පැවසුවේ, ෆෙඩරල් සංචිත ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ඔහු සෙනෙට් කමිටුවකට ලබා දුන් සාක්ෂිය පිළිබඳව අධිකරණ දෙපාර්තමේන්තුව ඔහුට චෝදනා එල්ල කළ හැකි බවට තර්ජනය කළ බවයි.

ඔහු මෙම පරීක්ෂණය “පෙර කිසිදා නොවූ විශේෂ එකක්” ලෙස හැඳින්වීය. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නැවත නැවතත් පොලී අනුපාත අඩු කරන ලෙස ඉල්ලීම් කළද, ඒවාට එකඟ නොවීම නිසා තමන්ට මෙම පරීක්ෂණයට මුහුණ දීමට සිදුවූ බව ඔහු විශ්වාස කරන බවද පැවසීය.

පවෙල් වැඩිදුර පවසා ඇත්තේ,  මෙය ෆෙඩරල් සංචිතයට ආර්ථික තත්ත්වයන් සහ සාක්ෂි මත පදනම්ව ස්වාධීනව පොලී අනුපාත තීරණය කිරීමට හැකිද, නැතහොත් දේශපාලන පීඩනය මත මුදල් ප්‍රතිපත්තිය තීරණය වන්නේද යන්න පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවයි.

තවද, නීතියට සියලු දෙනාම යටත් විය යුතු බවත්, ෆෙඩරල් සංචිතයේ සභාපතිවරයාද නීතියට ඉහළින් නොසිටින බවත් ඔහු පැවසීය. 

එහෙත්, මෙම පරීක්ෂණය රජයෙන් එල්ල වන තර්ජන සහ පීඩන අතර සිදුවන එකක් ලෙස බැලිය යුතු බවද ඔහු කියා සිටියේය.

මේ අතර, ජනාධිපති ට්‍රම්ප් මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ ෆෙඩරල් සංචිතය පිළිබඳ කිසිදු පරීක්ෂණයක් ගැන තමන්ට දැනුමක් නොමැති බවයි.

2017 වසරේදී ජෙරොම් පවෙල් ෆෙඩරල් සංචිතයේ සභාපති ලෙස කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. 

මෙම නව පරීක්ෂණය ඔවුන් දෙදෙනා අතර පවතින දිගුකාලීන ගැටුම තවත් තීව්‍ර වීමක් ලෙස සැලකන බව සඳහන් වෙයි. 

නමුත් මෙම චෝදනා නීතිමය වශයෙන් තහවුරු කර නොමැති බවද වැඩිදුරටත් සඳහන් ය.