ආ‍රක්ෂක පිරිවැය තවත් වැඩි කිරීමට තායිවානය සැරසෙයි
සයුරෙන් එතෙර

ආ‍රක්ෂක පිරිවැය තවත් වැඩි කිරීමට තායිවානය සැරසෙයි

December 30, 2025   08:38 pm

තායිවානය සිය ආරක්ෂාව සම්බන්ධ පිරිවැය වැඩි කළ යුතු බව එරට ජනාධිපති විලියම් ලායි පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මේ බව පවසා ඇත්තේ චීන හමුදාව විසින් තායිවානය අවට යුද අභ්‍යාසයක නිරත වී සිටින පසුබිමක ය.

චීනය වැළැක්වීම සඳහා සිය ආරක්ෂක හැකියාවන් වැඩි කළ යුතු බවත් සාමය සුරක්ෂිත කිරීම සඳහා ශක්තිය අත්‍යවශ්‍ය බවත් ඔහු සඳහන් කර තිබේ.

තායිවාන් ආක්‍රමණයකට චීනය සූදානම් වන බවට අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් මීට පෙර වරින් වර අනතුරු අඟවා තිබුණි.

තායිවානය වසර ගණනාවක් තිස්සේ එහි ආරක්ෂාව පවත්වා ගෙන ගොස් ඇත්තේ චීනයට ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් නොමැති නිසා බවද එරට ජනාධිපති පවසයි.