බංග්ලාදේශයට හසීනාගෙන් දොස්
සයුරෙන් එතෙර

බංග්ලාදේශයට හසීනාගෙන් දොස්

December 23, 2025   09:57 pm

බංග්ලාදේශය තුළ වර්තමානයේ උද්ගතවී ඇති ප්‍රචණ්ඩත්වය සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ යූනුස් රජය බව එරට හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පවසා තිබේ.

ඔස්මාන් හාදි ඝාතනය වත්මන් අන්තර්කාලීන රජය යටතේ පැවති අවනීතියේ පිළිබිඹුවක් බව ෂෙයික් හසීනා චෝදනා කරයි.

මෙම ඛේදජනක ඝාතනය සිය රජය මුලිනුපුටා දැමූ සහ යූනුස් යටතේ වැඩි වී ඇති අවනීතිය පිළිබිඹු කරන බවටද හසීනා පවසයි.

එවැනි සිදුවීම් බංග්ලාදේශය අභ්‍යන්තරව අස්ථාවර කරන අතර අසල්වැසියන් සමග පවතින සබඳතා ද අස්ථාවර කරන බව හසීනා පෙන්වාදී තිබේ.

යූනුස් පාලනය යටතේ බංග්ලාදේශයේ යථාර්ථය මෙය බවත් ඇය සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.