ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමක්
සයුරෙන් එතෙර

ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමක්

December 23, 2025   08:45 pm

ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඉන්දියාව සමඟ එළඹි වෙළඳ ගිවිසුම හරහා රටේ අපනයනකරුවන්ට වාසි රැසක් ගෙන එන විශිෂ්ට ගනුදෙනුවක් බවය.

ගිවිසුම මගින් ඉන්දියාවට කරන අපනයනවලින් සියයට 95ක් සඳහා තීරුබදු අඩු කිරීම හෝ ඉවත් කරන බවත්, එය ගොවීන්, නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ට සහාය වන බවත් ඔහු පෙන්වාදී තිබේ.

මෙම ගිවිසුමෙන් නවසීලන්තයේ අපනයනකරුවන්ට සහ ආර්ථිකයට ඇති විය හැකි ලාභය අතිවිශාල බවත් පෙන්වාදී ඇත.