සයුරෙන් එතෙර
පාකිස්තානයේ යළිත් ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙයි
December 13, 2025 01:41 pm
පාකිස්තානයේ කරච්චි නුවර H1N1 වෛරසය පැතිරීමෙන් පසු, H3N2 වෛරසය ද පැතිර යාම හේතුවෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් වාර්තා අනුව ළමුන්, වැඩිහිටියන් සහ ගර්භණී කාන්තාවන් මෙම තත්ත්වයෙන් වඩාත් පීඩාවට පත්වී ඇති අතර, රෝහල්වල රෝගීන්ගේ ඉහළයෑමක් ද පෙන්නුම් කර තිබේ.
H3N2 වෛරසය බොහෝ විට දිගු කල් පවතින සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ අමාරුව ඇති කරන බවද සඳහන් ය.
