සයුරෙන් එතෙර
මෝදි - නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි
December 12, 2025 06:48 am
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බව ඊශ්‍රායල අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
“උණුසුම් හා මිත්‍රශීලී සංවාදය අවසානයේ, නායකයින් දෙදෙනා ඉතා ඉක්මනින් හමුවීමට එකඟ විය.” යනුවෙන් ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසා ඇත.
මෑත මාසවලදී නායකයින් දෙදෙනා දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගෙන ඇති අතර ගාසා ගැටුම් ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
ඒ අනුව ඉන්දිය නායකයා ඉක්මනින් හමුවීමට සැලසුම් කර ඇති බව නෙතන්යාහු පවසා තිබේ.
මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සමග පැවැති දුරකථන සංවාදය පිළිබඳ අදහස් දක්වමින් අගමැති මෝදි පවසා ඇත්තේ බටහිර ආසියාවේ තත්ත්වය සමාලෝචනය කළ අතර ගාසා සාම සැලැස්ම ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ සහයෝගය නැවත අවධාරණය කළ බවය.
