චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නකින් 12ක් මරුට
සයුරෙන් එතෙර

චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නකින් 12ක් මරුට

December 11, 2025   12:55 pm

දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතේ ෂැන්ටූ නගරයේ පිහිටි නේවාසික ගොඩනැගිල්ලක හට ගත් ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාත්‍රියේ හටගෙන තිබූ ගින්න පාලනය කිරීම සඳහා පැයකට ආසන්න කාලයක් ගතවී ඇති බවද පැවසෙයි.

මූලික විමර්ශන්වලින් පෙනී ගොස් ඇත්තේ මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලේ හට ගත් ගින්න වර්ග මීටර් 150 කට ආසන්න ප්‍රදේශයක් පුරා පැතිරගොස් තිබූ බවය.

මෙම ඛේදවාචකය සිදුවන්නේ හොංකොං හි ඉකුත්දා නිවාස සංකීර්ණයක  සිදුවූ දරුණුතම ගින්නකින් 140 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ සිදුවීමෙන් සති කිහිපයකට පසුවය.