ඉන්දු  - ඇෆ්ගන් වෙළඳ සාකච්ඡා
සයුරෙන් එතෙර

ඉන්දු  - ඇෆ්ගන් වෙළඳ සාකච්ඡා

November 25, 2025   03:30 pm

ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යවරයා ඇෆ්ගනිස්තානයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා හමුවී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම සහ දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම එහි අරමුණ බවය.

එමෙන්ම දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට සහ ජනතාව අතර සබඳතා පුළුල් කිරීමද මෙහි අපේක්ෂාව වෙයි.

ඇෆ්ගනිස්තාන වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ දින 5ක ඉන්දීය සංචාරයට සමගාමීව මෙම හමුව සිදුවී තිබේ.