සයුරෙන් එතෙර
මැලේසියාවේ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 11,000කට අධික පිරිසක් පීඩාවට
November 24, 2025 01:09 pm
මැලේසියාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයින් 11,000කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.
පවුල් 3,839 අයත් පුද්ගලයින් 11,009දෙනෙකු ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත්ව සිටින බව මැලේසියානු ආපදා කළමණාකරණ අංශය සඳහන් කළේය.
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවතැන් වූ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද සඳහන් වේ.
