සීෂෙල්ස් රාජ්‍යට ටොන් 03ක ඖෂධ ආධාර
සයුරෙන් එතෙර

සීෂෙල්ස් රාජ්‍යට ටොන් 03ක ඖෂධ ආධාර

November 22, 2025   08:29 am

ඉන්දියාව විසින් සීෂෙල්ස් රාජ්‍ය වෙත ඖෂධ ඇතුළත් ටොන් 3.5ක ආධාර තොගයක් ප්‍රදානය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ හෘද රෝග, දියවැඩියාව, ආමාශ රෝග සඳහා ඖෂධ සහ විටමින් වර්ග ආදී ඖෂධ ඇතුළත් ටොන් 3.5ක ආධාර තොගයක් එලෙස සීෂෙල්ස් වෙත භාරදුන් බවය.

ඉන්දියාව පවසන්නේ මෙම පරිත්‍යාගය සීෂෙල්ස් හි සංවර්ධන ප්‍රමුඛතාවයන් සඳහා සහායවීමට ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කරන බවය. 

මෙම ප්‍රදානය ඉන්දියාව සීෂෙල්ස් රාජ්‍ය සමග පවත්වාගෙන යන සබඳතා ඉහළ නංවමින් කලාපයේ ආරක්ෂාව, සංවර්ධනය මෙන්ම ගෝලීය දකුණ සඳහා ඇති කැපවීම පෙන්නුම් කරන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම දෙරටේ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට සීෂෙල්ස් හි නව රජය සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ඉන්දියාව අවධාරණය කරයි.