සයුරෙන් එතෙර
සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් 5
September 22, 2025 08:13 am
සිරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඔක්තෝබර් 5 වනදා පැවැත්වීමට දින නියම කර තිබේ.
සිරියාවේ නායකයා ලෙස කටයුතු කළ බෂාර් අල්-අසාද් බලයෙන් පහ කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙය වේ.
එහිදී මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් ඡන්දයෙන් තේරී පත් වන අතර තුනෙන් එකක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබයි.
එනම් පාර්ලිමේන්තුවේ සභික ධුර සංඛ්‍යාව 210ක් වන අතර ඉන් 140 දෙනෙකු ඡන්දයෙන් තේරී පත් වන අතර ඉතිරි 70 දෙනා ජනාධිපතිවරයා විසින් සෘජුවම පත් කරනු ඇති.
වසර 25කට ආසන්න කාලයක් සිරියාවේ නායකයා ලෙස කටයුතු කළ අසාද්, පසුගිය දෙසැම්බර් මාසයේදී රුසියාවට පලා ගිය අතර, 1963 වසරේ සිට බලයේ සිටි බාත් පක්ෂ පාලනය එමඟින් අවසන් විය.