සයුරෙන් එතෙර
පුටින් සහ මෝදි අතර දුරකථන සංවාදයක්
August 19, 2025 09:10 pm
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන හාර්ගයෙන් කෙටි සාකච්ඡාවක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, යුක්‍රේන ගැටුම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඇලස්කාවේ පැවති රැස්වීම පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවය.
යුක්‍රේන ගැටුම සාමකාමීව විසඳා ගැනීම සඳහා ඉන්දියාව නිරතුරුවම ඉල්ලා සිටින බවත් ඒ සම්බන්ධයෙන් දරන සෑම උත්සාහයකටම සහාය දෙන බවත් අගමැති මෝදි එහිදී පවසා ඇති බව සඳහන්ය.