සයුරෙන් එතෙර
ඇෆ්ගන් හිටපු ජනපතිගෙන් පාකිස්තානයට චෝදනාවක්
August 16, 2025 10:28 am
ඇෆ්ගනිස්තානයේ ස්වෛරීභාවයට ගරු කරන ලෙසත් ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කරන ලෙසත් ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති හමීඩ් කර්සායි පාකිස්තානයට පවසා තිබේ.
පාකිස්තානය ඇෆ්ගනිස්තානයට එල්ල කර ඇතැයි පැවසෙන ප්‍රහාරයක් හෙළා දකිමින් ඔහු මේ බව පවසා ඇත.
හමීඩ් කර්සායි පාකිස්තානයට දොස් පවරමින් පවසා ඇත්තේ එම ප්‍රහාරය ගැන තමා දැඩි කනස්සල්ලට පත්වූ බවය.