සයුරෙන් එතෙර
ඇලස්කා අගනුවර දරුණු ගංවතුර තත්ත්වයක්
August 14, 2025 01:28 pm
ඇලස්කාවේ අගනුවර අසල මෙන්ඩන්හෝල් ග්ලැසියරයේ අයිස් වේල්ලකින් වැසි ජලය සහ හිම දියවීමෙන් ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.
ඊයේ (13) උදෑසන මෙන්ඩන්හෝල් ගඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජූනෝහි වීදි කිහිපයක ජලය එක්රැස් වූ අතර, පැය ගණනක් ඉහළ මට්ටමේ ජලය පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව එරට කාලගුණ සේවා (NWS) සඳහන් කළේය.
මෙහි අලුතින් සවි කරන ලද ගංගා බාධක පැවතීම හේතුවෙන් විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට හැකි වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
නිලධාරීන් මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් තීව්ර කර ඇති අතර, අඟහරුවාදා උදෑසන අයිස් වේල්ලෙන් ජලය ගැලවී යාමට පටන් ගෙන ඇති බවත්, බදාදා දක්වා ගංවතුර අපේක්ෂා කරන බවත් බලධාරීන් වැඩිදුර තහවුරු කර තිබේ.
නමුත් ගංවතුර කලාපයේ බොහෝ පදිංචිකරුවන් ජල මට්ටමට ඉහළ යාමට පෙර ඉවත් කර ඇති අතර, විශාල ලෙස හානි වාර්තා වී නොමැත.
මෙම ග්ලැසියරයෙන් සිදුවන ගංවතුර වසර 15කට ආසන්න කාලයක් තිස්සේ වාර්ෂික ගැටලුවක් බවට පත්ව ඇති අතර මෑත වසරවලදී නිවාස ගසාගෙන ගොස් නිවාස සිය ගණනක් ජලයෙන් යටවී ඇත.