සයුරෙන් එතෙර
GSP+ වෙනුවෙන් පාකිස්තානය නව නීති ගේන්න යයි
July 23, 2025 03:38 pm
යුරෝපා සංගමයේ GSP+ සහනය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පාකිස්තානය මරණ දඬුවම ලිහිල් කිරීමේ පියවර කිහිපයක් ක්‍රියාවට නංවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි ඇතැම් ක්‍රියාමාර්ග සාධනීය බවක් පෙන්නුම් කරන බවද එරට මාධ්‍ය පවසයි.
පසුගිය සතියේ නිශ්චිත වැරදි දෙකක් සඳහා මරණ දඬුවම අහෝසි කිරීමේ පනතක් සම්මත කර තිබුණි.
වෙළෙඳ ගිවිසුමේ වගන්තියකට අනුව පාකිස්තානයට මරණ දණ්ඩනය වඩාත් බරපතළ අපරාධ සඳහා පමණක් වෙන් කර ඇති බවට සහතික විය යුතුය.
මේ තුළින් මානව ගරුත්වය, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛත්වය දීම අපේක්ෂා කෙරේ.