සයුරෙන් එතෙර
ඒකපාර්ශ්වික සම්බාධක ගැන ඉන්දියාවේ ස්ථාවරය කියයි
July 22, 2025 09:12 pm
යුරෝපා සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෑත කාලීන සම්බාධකවලට ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව ඉන්දියාව පවසන්නේ කිසිදු ඒකපාර්ශ්වික සම්බාධක ක්‍රියාමාර්ගයකට දායක නොවන බවය.
විශේෂයෙන් බලශක්ති වෙළෙඳාම් අංශය තුළ ද්විත්ව ප්‍රමිතීන් වළක්වා ගැනීමේ වැදගත්කම ද ඉන්දියාව අවධාරණය කර තිබේ.
ඉන්දියාව යනු වගකීම් සහිත පාර්ශ්වයක් වන අතර නීතිමය වගකීම් සඳහා සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවද පෙන්වා දෙයි.
බලශක්ති සුරක්ෂිතතාව සැපයීම තීරණාත්මක වගකීමක් ලෙස ඉන්දීය රජය සලකන බවද අවධාරණය කරයි.
යුක්‍රේනයේ යුද්ධය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක මාලාවක් යුරෝපා සංගමය විසින් අනුමත කර ඇති පසුබිමක ඉන්දියාව මේ බව ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.