ඉන්දුනීසියාවේ මගී නෞකාවක ගින්නක්
සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ මගී නෞකාවක ගින්නක්

July 20, 2025   07:33 pm

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි පළාතේ මුහුදු ප්‍රදේශයේ දී මගී නෞකාවක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

ආසන්න වශයෙන් පුද්ගලයින් 280 කු පමණ එහි සිට ඇති අතර 150 දෙනෙකු පමණ බේරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුම තවමත් සිදුවෙමින් පවතින බව සඳහන් වේ.

පළාත් වේලාවෙන් පස්වරු 1:00 ට පමණ පළාතේ අගනුවර වන මනාඩෝ මුහුදේ යාත්‍රා කරමින් සිටියදී

KM බාර්සිලෝනා 5 නෞකාවේ මෙලෙස ගින්නක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.