ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි
July 13, 2025 06:31 pm
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ පල්ලෙකැලේ පැවති පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඒ අනුව අද තරගය ජයගැනීමට හැකිවුවහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරුකරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවේ.