ඉන්දීයාවේ භූ කම්පනයක්
සයුරෙන් එතෙර

ඉන්දීයාවේ භූ කම්පනයක්

July 10, 2025   01:46 pm

උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ අද (10) උදෑසන 9.04ට පමණ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එය නව දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශයන්ට දැනී ඇති බවය. 

පොළොව මට්ටමේ සිට කිලෝමීටර 10ක පමණ ගැඹුරකින් හටගත් මෙම භූකම්පනයෙන් වූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.