ඉන්දියාව සහ අමෙරිකාව වෙළෙඳ ගනුදෙනුවක් අබියස
සයුරෙන් එතෙර

ඉන්දියාව සහ අමෙරිකාව වෙළෙඳ ගනුදෙනුවක් අබියස

July 8, 2025   05:57 pm

ඉන්දියාව සමග වෙළෙඳ ගනුදෙනුවකට එළඹීමට ආසන්න බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු ඒ බව පවසා ඇත්තේ තායිලන්තය, මියන්මාරය, බංග්ලාදේශය, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 14ක් සඳහා අගෝස්තු 1  සිට බලාත්මක වනපරිදි නව තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.

එමෙන්ම අමෙරිකාව එක්සත් රාජධානිය සමග ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බවද ට්‍රම්ප් එහිදී අනාවරණය කළේය.

ඔහු පැවසුවේ චීනය සමග ද ගිවිසුමක් ඇති බවය.