අපේ සංගාත් ඉන්න වාර්තාවක් අතරට ආ ගිල්
July 6, 2025 10:03 pm
එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 336ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද (6) සමත් විය.
තරගයේ 5වන හා අවසන් දිනය වූ අද ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 608ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට සියලු දෙනා දැවී රැස්කළ හැකිවුයේ ලකුණු 271ක් පමණි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 587/10ක් රැස්කළ අතර, ඊට පිළිතුරු එංගලන්තයට රැස්කළ හැකිවූයේ ලකුණු 407/10ක් පමණි.
ඒ අනුව ලකුණු 180ක් ඉදිරියෙන් සිටිමින් දෙවන ඉනිම ඇරඹූ ඉන්දියාව එවර ලකුණු 427/6ක් රැස්කර ඉනිම අත්හිටුවා, එංගලන්තයට ලකුණු 608ක ඉලක්කය ලබාදුන්නේය.
මෙම ජයත් සමග තරග 5කින් යුත් තරගාවලිය 1-1ක් ලෙස සමකිරීමට ඉන්දියාවට හැකිවිය.
මේ අතර ටෙස්ට් ක්‍රිකට් තරගයකදී පිතිකරුවෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවේ දෙවන ස්ථානයට පැමිණීමට ශුම්බන් ගිල්ට මෙම තරගයේ දී හැකිවිය.
ගිල් පළමු ඉනිමේ ලකුණු 269ක් හා දෙවන ඉනිමේ ලකුණු 161ක් ලෙස ඉනිම් ද්විත්වයේ ලකුණු 430ක් රැස්කරමින් මෙම සුවිශේෂී කඩඉමට ළඟා විය.
ඒ අනුව ඔහුට තවත් ලකුණු 26ක් රැස්කිරීමට හැකිවූවා නම් වසර 35කට වැඩි කාලයක සිට නොබිඳී තිබෙන එංගලන්තයේ ග්‍රැහැම් ගූච්ගේ වාර්තාව බිඳදැමීමට හැකියාව තිබුණි.
ගූච් එම වාර්තාව පිහිටා ඇත්තේද ඉන්දියාවට එරෙහිව 1990 වසරේ පැවති තරගයකදීය.
ගිල් දැක්වූ මෙම දක්ෂාවත් සමග ඔහු ටෙස්ට් තරගයකදී ලකුණු 400කට වැඩියෙන් රැස්කළ 5වන පිතිකරුවා බවටද පත්විය.
ගූච් හා ගිල්ට අමතරව එම වාර්තාවේ සිටින්නේ ඔස්ට්‍රේලියාවේ මාක් ටේලර් (426/ පාකිස්තානයට එරෙහිව), කුමාර් සංගක්කාර (424/ බංග්ලාදේශයට එරෙහිව) හා බ්‍රයන් ලාරා (400/එංගලන්තයට එරෙහිව)ය.